හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා.
එහිදී එම කොමිසම සිදු කරන වත්කම් විමර්ශනයකට අදාළව සහය නොදැක්වීමේ චෝදනාව මතයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.










