කාළගුණය

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොළොන්නරුව, මඩකළපුව අම්පාර, මොණරාගල හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව එහි සඳහන්.

ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල කටයුතු කරන ලෙස දන්වා ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Shares: