විදෙස්

රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාරයක්..

 

රුසියාව විසින් යුක්රේනයේ ලිවිව් නගරයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිට අද අළුයම දක්වා එල්ල වූ ප්‍රහාරවලින් යුක්රේනු වැසියන් පස්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි පවසන්නේ ප්‍රහාරක ඩ්‍රෝන යානා 500 ක් පමණ එල්ල කර ඇති බවයි.

මේ අතර පෝලන්ත ගුවන් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රහාරක ජෙට් යානා දියත් කර ඇති බව පෝලන්ත හමුදාවද පවසා තිබෙනවා.

එරට ගොඩබිම් ආරක්ෂක සහ රේඩාර් ඔත්තු බැලීමේ පද්ධතිද ඉහළ සූදානමකින් පවතින බවයි පෝලන්ත හමුදාව පවසන්නේ.

Shares: