උණුසුම් පුවත්

” මා ජන නායකයකු ලෙස උපරිම සතුට මේ මොහොතේ විඳිනවා..” හිටපු ජනපතිගෙන් අමුතු සටහනක්..

 

ජන නායකයකු ලෙස ලැබිය හැකි උපරිම සතුට, ජනතාව සමඟ ගෙවන මේ කාලය බැව් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මෙය දේශපාලනික සම්බන්ධතාවයක් පමණක් නොවූ හෘදයාංගම බැඳීමක් නිසාම බිඳ හෙලීමට ද අපහසු බව ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් හිටපු ජනපති වරයා එසේ සඳහන් කර තිබුණා.

එම සටහනේ මෙසේ ද ලියැවී තිබුණා.

“ජීවිතයෙන් බොහෝ කාලයක් ජනතාව අතර ගතකළ මට ජනතාවගේ ආදරය හුරුපුරුදුය. විශ්වාසය සහ අන්‍යෙන්‍ය ගෞරවය යන කරුණු මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණුවලින් තොර වූවකි.

එමනිසා, එහි වටිනාකම අන් කිසිදාටත් වඩා වැඩිය. මෙය දේශපාලනික සම්බන්ධතාවයක් පමණක් නොවූ හෘදයාංගම බැඳීමක් නිසාම බිඳ හෙලීමට ද අපහසු බව කිව යුතුමය.

බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැක.

ජන නායකයෙකු ලෙස ලැබිය හැකි උපරිම සතුට, ජනතාව සමඟ ගෙවන මෙම කාලය පුරාවටම මම අත්විඳිමි. සැමට ගෞරවනීය ස්තුතිය පුද කරමි.”

Shares: