ව්‍යාපාරික

මෙගාවොට් 10ක නව සුළං ව්‍යාපෘතියක් පුත්තලමට

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන වින්ඩ්ෆෝස් පී.එල්.සී. (WindForce PLC), පුත්තලම, අලංකුඩාවේ නව මෙගාවොට් 10ක සුළං විදුලි ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති Safe Power Inteational (Pvt) Ltd. සමාගමේ සියයට 51ක කොටස් අත්පත් කර ගෙන තිබෙනවා.

Safe Power Inteationalහි ඉතිරි සියයට 49ක කොටස් හිමිවන්නේ Arinma Power (Pvt) Ltd. සමාගමටයි.

මෙම හවුල්කාරිත්වය විධිමත් කරමින් කොටස් හිමියන්ගේ ගිවිසුම (Shareholder Agreement) ඔක්තෝබර් 3 වැනිදායි අත්සන් තබා ඇත්තේ.

රුපියල් බිලියන 4.2ක ඇස්තමේන්තුගත මුළු ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතිය සඳහා 75:25 යන අනුපාතයට ණය සහ කොටස් (debt-to-equity) මත මූල්‍ය පහසුකම් සලසා තිබෙනවා.

වින්ඩ්ෆෝස් සමාගම ප්‍රකාශ කරන්නේ මෙම ආයෝජනය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සිය උපායමාර්ගික ව්‍යාප්ති සැලසුම් සමග මනාව ගැළපෙන බවත්, එය සමාගමේ අනාගත ඉපැයීම් සහ තිරසාරත්වයේ අරමුණු සඳහා ධනාත්මකව දායක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Shares: