දේශීය

විදුලි ගාස්තු සංශෝධනයේ මහජන අදහස් ගැන කොමිසමෙන් පැහැදිලි කිරීමක්

මෙම වසර සදහා වන තෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සදහා පැවති සැසිවාරවලදී පුද්ගලයින් 500 දෙනෙකු පමණ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබාගැනීම පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමිනුයි ආරම්භ වූයේ.

එහි අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ(08) දිනයේදී පැවැත් වුණා.

එම සැසිවල දී ඉදිරිපත් වූ සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ, කොමිසමේ අවසන් තීරණය මෙම මාසයේ දී ප්‍රකාශ කිරීමට නියමිතයි.

සියයට 6යි දශම 8කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය යෝජනාවලිය පසුගියදා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණා.

Shares: