විදෙස්

දකුණු කැලිෆෝනියාවේ හෙලිකොප්ටර් අනතුරකින් 5කට තුවාල

දකුණු කැලිෆෝනියාවේ ජනප්‍රිය වෙරළක් ආශ්‍රිතව පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් අසල තිබූ ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ‍රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඉන් තිදෙනෙකුම අනතුර සිදුවන අවස්ථාව වන විට මාර්ගයේ රැඳි සිටි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එම වෙරළ ආශ්‍රිතව අද උත්සවයක් පවත්වා ඇති අතර ඒ හේතුවෙන් වෙරළ තීරය නගරයේ ජනතාවගෙන් පිරී තිබුණ බවද සඳහන් වනවා.

Shares: