තංගල්ල සීනිමෝදර ප්‍රදේශයෙන් ‘අයිස්’ සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘පුවක්දණ්ඩාවේ සනා’ සහ මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන ආ බව කියන යාත්‍රාවේ හිමිකරු ඔක්තෝබර් 27 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සීනිමෝදර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරමින් තිබූ අතහැර දැමූ නිවසක් තුළ මළ සිරුරු දෙකක් පොලිසිය විසින් පසුගිය සැප්තැම්බර් 22වැනිදායි සොයා ගනු ලැබුවේ.
තවද, එම නිවසේ නවතා තිබූ ලොරියක මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබී සොයා ගත් අතර එහිදී කරුණු අනාවරණය වූයේ මෙම මත්ද්‍රව්‍ය ‘පුවක්දණ්ඩාවේ සනා’ නමැත්තාට අයත් බවටයි.
අනතුරුව පොලිසිය විසින් පසුව සිදු කළ ගැඹුරු සෝදිසි කිරීමකින් ‘පුවක්දණ්ඩාවේ සනාට’ අයත් යැයි සැකකෙරෙන විශාල මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකිවුණා.










