රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඊයේ (21) උදෑසන 8ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (22) උදෑසන 8 සිට දින 7කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවේදී මාළිඟාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා විසින් සිදුකළ නීතිවිරෝධී සහ විෂමාචාරී ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විටත් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සතියක කාලයක් ඇතුළත සංඝමයේ ඉල්ලීම පරිදි අපක්ෂපාතී විමර්ශනයකට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට අදාල තීරණය ගන්නා බවට එකඟතාවය පළ කර තිබෙනවා.











