දේශීය

ලංකාවට එන විදේශිකයන්ට ETA අවසර පත්‍රය අනිවාර්යයයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

‍මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර ඇත්තේ හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ දී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් ඒ අනුව මෙම අවසර පත්‍රය ලබාගත යුතු වනවා.

එම ක්‍රමය යටතේ ඇති වෙනස්කම් සංචාරක ව්‍යාපාරය ඉහළ නංවනු ඇතැයි රජයේ අපේක්ෂාවයි.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති අතර එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන ඇති වාර්තා වෙන්නේ.

අමෙරිකාව සිය සංචාරක උපදේශනය මඟින් දැනුම් දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම්බෝම්බ යනාදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

Shares: