උණුසුම් පුවත්

විදුලි බිලේ වෙනසක් නැහැ – මහජන උපයෝගීතා කොමිසම

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බවයි එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසුවේ.

ඔහු මේ බව දැනුම් දුන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Shares: