අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන්, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පැවැත්වෙන බවයි.
ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් වන අයුරින් ජනපති ට්‍රම්ප් සිය රාජ්‍ය පාලනය ගෙන යන බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ විදේශ සහ වෙළඳ ප්‍රතිපත්තිය ද එරට තුළ බොහෝ පාර්ශවයන්හි විවේචනයට ලක්ව තිබෙන පසුබිමක මෙම විරෝධතා ආරම්භ වීම විශේෂත්වයක්.










