කොළඹ රේස් කෝස් පිටියේදී ආරම්භ වූ ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ දෙවන අදියරේදී ශ්‍රී ලංකා කාන්තා සංචිතයට, ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සහෝදරියන් දෙදෙනෙක් එක්ව සිටින බවට වාර්තාවනවා.
දේශීය රසිකයන්ගේ විශේෂ අවධානයක් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වෙත යොමුව ඇති බවට සඳහන්.
ශ්‍රී ලංකා කාන්තා සංචිතයට එකතුවී සිටින මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින, හිටපු රග්බි ක්‍රීඩක ගිමන්ත ජයසිංහගේ දියණියන් බව වාර්තවනවා.
මේ ක්‍රිඩිකාවන් දෙදෙනා එල්. ජී. ජයසිංහ (LG Jayasinghe) සහ එන්. එම්. ජයසිංහ (NM Jayasinghe) යි.










