අත්අඩංගුවට ගත් රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21දෙනා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසිනුයි අද (21) එම නියෝග ලබා දී ඇත්තේ.
කඹුරුපිටිය, මාපලානේ පිහිටි රුහුණු විශ්ව විද්‍යාලයට අයත් කෘෂිකර්ම පීඨයේ තෙවැනි වසරේ සිසුන් සහ දෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඊයේ දහවල් කාලයේ ගැටුමක් හටගෙන තිබුණා.
පෙර දිනයේ පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් ඊට හේතුවයි.
එහිදී ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
උද්ගත වූ තත්ත්වය හමුවේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි හා තුන්වැනි වසරේ සිසුන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමටයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර ඇත්තේ.
පසුව මෙම ගැටුමට අදාළව කඹුරුපිටිය පොලීසිය විසින් එම පීඨයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් අත අතර ඔවුන් අද මෙලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කර තිබුණා.











