උණුසුම් පුවත්

මහ ඔය සහ දැඳුරු ඔය ද්‍රෝණි අවට ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගුයි

මහ ඔය සහ දැඳුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිට පවතින දැඩි වර්ෂාව සමඟ වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ, ජලවිද්‍යා ආපදා කළමනාකරණ සූරියබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ.

ඒ අනුව බද්දේගම සහ ඒ අවට බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ බද්දගමින්.

ඒ මි.මී 172ක්.

කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය, කිරිඳිඔය ආශ්‍රිත ප්‍රදේශවලට විශාල වර්ෂාපතනයන් ලැබෙමින් පවතින බව ද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කියා සිටියා.

ඒ අනුව එම ගංගා ද්‍රෝණිවල තවදුරටත් වර්ෂාපතනය වැඩිවිය හැකි බවත්, එම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව ආපදා තත්ත්වයන් වාර්තා විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ කිරිඳිඔය සහ ලුණුගම්වෙහෙර ජලාශයට සැලකිය යුතු ප්‍රමාණයක ජලමට්ටම ලැබී ඇති බවයි.

Shares: