නොවැම්බර් මාසයේ දින තුනක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ අනුව නොවැම්බර් මස 4, 6 සහ 7 යන තෙදින තුළ මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිතයි.
එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා දැන්වුවා.
මේ අතර නොවැම්බර් මස 7 වන සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාප ද ආරක්ෂක පරීක්ෂාවට ලක්කෙරුණු ඇති.
එදිනට මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බවයි කථානායකවරයා මෙහිදී පැවසුවේ.
අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ලබන අතර, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු පැමිණීමේ දී රියදුරෙකු සමග පැමිණෙන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම කතානායකවරයා පර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ එදිනට පාර්ලිමේන්තු රථගාල වසා දැමෙන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන රථගාල් වෙත යොමුකරනු ලබන බවයි.
මේ අතර එදිනට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.











