2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරනවා.
අද (24) කොළඹ දී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනුයි ගුරු – විදුහල්පති සංගම් මේ බව පැවසුවේ.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ නොවැම්බර් 7 වනදාට පෙර පාසල් පැවැත්වීමේ කාලය සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් පාසල් වාරය ආරම්භ වූ වහාම එක්දින වර්ජනයකට අවතීර්ණ වන බවයි.











