විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, නවසීලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේදී අද (27) උදෑසන සාම්ප්‍රදායික මාඕරි පව්හිරි උත්සවීය පිළිගැනීමකින් පිළිගෙන තිබෙනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ,
මෙවැනි ගෞරවාන්විත පිළිගැනීමක් ලැබූ පළමු ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරයා තමන් බවයි.
විජිත හේරත් මහතා, 2026 මැයි 26 සිට ජූනි 3 දක්වා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වෙත නිල සංචාරයක නිරත වන අතර, එය දෙරටේ රජයන්ගේ ආරාධනයකට අනුව සිදු කෙරෙනවා.
මෙම සංචාරයේදී,
නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා සමඟ, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් මහත්මිය සමඟ
ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම,
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික නායකයින්, විද්වතුන් සහ චින්තන කණ්ඩායම්, ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද අමාත්‍යවරයා සූදානම් ව සිටිනවා.
මෙම සංචාරයේ විශේෂ අවස්ථාවක් ලෙස, නවසීලන්තයේ වෙලින්ටන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීමද සිදු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය මෙන්ම ඕස්ට්‍රේලියාව අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සංචාරය උපකාරී වනු ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
ඔබේ අදහසත් Comment කරන්න!
📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews
YouTube:
https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට
tiktok:
https://tiktok.com/@lankahitnews
Instagram:
https://instagram.com/lankahitnews
එවන්න:
WhatsApp: +94 72 746 4185









