කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ, හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රුව ඇතුළත්, තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පාලනය විසින් විකාශනය කිරීමෙන් පසුවයි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප්, එම දැන්වීම වංචාවක් ලෙස හැඳින්වූ අතර, ලෝක බේස්බෝල් ශූරතාවලියට පෙර එය ඉවත් නොකිරීම සම්බන්ධයෙන් කැනේඩියානු නිලධාරීන්ට දෝෂාරෝපණය එල්ල කළා.
ඔවුන් බරපතල ලෙස කරුණු වැරදියට නිරූපණය කිරීම සහ සතුරු ක්‍රියාවක් හේතුවෙන්, දැනට ගෙවන ප්‍රමාණයට වඩා සියයට 10 කින් තීරුබදු වැඩි කිරීමට කටයුතු කරන බවයි ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය සටහන මඟින් දන්වා ඇත්තේ.











