උණුසුම් පුවත්

නාරාහේන්පිට මහල් නිවාසයේ ගින්න මැඩ පවත්වයි

නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්න මේ වනවිට මැඩ පවත්වා තිබෙනවා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවයි පොලිසිය පැවසුවේ.

කිහිප දෙනෙකු රෝහල් ගතකළ බවට පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව ද සඳහන් කළ පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ අදාළ ගින්න හටගත් නිවසේ සිටි හතර දෙනෙකු දුමාරය ආඝ්‍රාණය වීම හේතුවෙන් ගිලන් රථවලට ඇතුල් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බවයි.

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ ඇති වූ මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවන රථ 13ක් යොදවා තිබුණා.

ගින්න හේතුවෙන් ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමට මහත් වෙහෙසක් ගනු ලැබූ අතර ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යැවූ ඇති බවයි වාර්තා වූයේ.

කෙසේවෙතත් ගින්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී තිබූ නිසා මෙම skylift වාහන භාවිත කරමින් සිරවී සිටින පිරිස මුදාගැනීමට කටයුතු කළා.

Shares: