මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 414ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
එම කාලය තුළ බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 192ක් ලැබී ඇති බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.
එමෙන්ම මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට සැප්තැබ්මර් මස 30 වන දින දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි 7,677ක් ලැබී ඇති බව ද සඳහන්.
එහිදී ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 6,296ක් සහ ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළ නොවන පැමිණිලි 1,381ක් වන බවයි එම අධිකාරිය පෙන්වා දුන්නේ.
එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සැප්තැම්බර් මාසය තුළ ලැබී ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 1,176ක්.
ළමා ආරක්ෂක අධිකාරී පනතට අදාළව ලැබුණු පැමිණිලි අතර ස්ත්‍රී දූෂණයට සම්බන්ධ පැමිණිලි 49ක්, ළමා ශ්‍රමිකත්වය සම්බන්ධ පැමිණිලි 111ක් සහ සිගමන් යෙදවීම සම්බන්ධ පැමිණිලි 203ක් වනවා.
ළමා ආරක්ෂක අධිකාරී පනතට අදාළ නොවන වෙනත් පැමිණිලි අතර යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 62ක් ලැබී ඇති බව සඳහන්.
ඊට අමතරව එම අධිකාරිය ප්‍රකාශ කළේ ළමයින්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධ පැමිණිලි 102ක්, ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි 38ක්, සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිලි 13ක්, ගබ්සා කිරීම සම්බන්ධ එක් පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි.
එසේම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 83ක් මේ වසරේ ගතවූ කාලය තුළ ලැබී ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදාගැනීම සම්බන්ධ පැමිණිලි 27ක්, වයස අඩු 16ට අඩු ළමයින්ට මත්ද්‍රව්‍ය වෙළෙදාම සම්බන්ධ පැමිණිලි 3ක් ද ලැබී තිබෙනවා.
මේ අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවේ මත්ද්‍රව්‍ය භාවිතයට දරුවන් නැඹුරුවීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.











