දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරන්න ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක්

මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීම වෙනුවෙන් පොලිසිය, හමුදාව, රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශවල එකතුවෙන් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානයාක මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන “රටම එකට” ජාතික මෙහෙයුම වැඩසටහනට එක්වෙමින්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දිවයිනෙන් බැහැර වී සිටින රටවල් සහ සිටින ස්ථාන ගැන තොරතුරු පවතින බැවින්, ජාවාරම් නතර කර යටත්වෙන ලෙසටයි ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

Shares: