අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය අද දිනයේ ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සිදුවිය හැකි සේවා බිඳවැටීම පිළිබඳ වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව දැනුම්දුන්නේ අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදීයි.










