අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා පැවසුවේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නැමති පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයාට මෙලෙස වෙඩි තබා ඇති බවටයි පොලීසිය සිදුකළ මුලික විමර්ශන වලදී හෙළි වී ඇත්තේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.










