දේශීය

GovPay ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසු කරයි

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

ඊයේ (03) දිනය වන විට මෙම සන්ධිස්ථානය පසුකිරීමට හැකිවී ඇති අතර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බවයි.

රාජ්‍ය සේවාවන්වල ආරක්ෂිත සහ මාර්ගගත ගෙවීම් කටයුතු සඳහා ‘GovPay’ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සහ ලංකා පේ එක්ව හඳුන්වා දී තිබෙනවා.

බදු, දඩ ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදුකිරීමේ අරමුණිනුයි මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වා දුන්නේ.

ඊයේ දිනය වන විට මෙමඟින් සිදු කර ති ගනුදෙනු ප්‍රමාණය 40,920ක්.

එමෙන්ම මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් එක්කර ගැනීම සහ රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමා පසුකිරීම අරමුණ වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ.

Shares: