දේශීය

චරිත රත්වත්තේ ට ඇප..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන චරිත රත්වත්තේ මහතා ඇපමත මුදා හරින ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබෙනවා.

Shares: