දේශීය

ධීවර සංස්ථා හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනාට ඇප

දුෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු එහි නිලධාරින් සිව් දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (4) නියෝග කළා.

ඒ, එක් සැකකරුවකුට ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත.සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අද (04) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

මෙලෙස ඇප මත මුදා හැර තිබුණේ ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් කළුවඩන වලව්වේ ලලිත් දවුලගල, එම සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂවරයකු වූ රත්නවීර පටබැඳිගේ චන්දන ක්‍රිෂාන්ත, එහි සැපයුම් කළමණාකරුවකු වු කුරුන්දුව හේවගේ විජිත් පුෂ්ප කුමාර සහ එම සංස්ථාවේ මෙහෙයුම් කළමණාකරුවෙකු (වැඩ බලන මුදල් කළමණාකරු) වු ජයසුන්දර මුදියන්සේලාගේ අනුර චන්ද්‍රසේන බංඩාර යන අයවලුන්ටයි.

Shares: