උණුසුම් පුවත්

කලාඔය පාලම මත සිරවූ බස් මගීන් මුදා ගැනේ…

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ආරක්ෂක අංශ විසින් මුදාගෙන තිබෙනවා.

මේ වනවිට එම පිරිස නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

පැවති අධික වර්ෂාව මධ්‍යයේ කලාඔයේ ආපදාවට ලක්වූ බස් රථයේ මගීන් බේරාගැනීමේ සඳහා අදාළ ස්ථානයට ලඟාවූ නාවික හමුදාවේ විශේෂ කණ්ඩායම් 03 මඟින් ප්‍රථමයෙන් මගීන් 14 දෙනෙකු මුදා ගනු ලැබුවා.

Shares: