දේශීය

පිහිනුම් තටාකයක ගිලී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

සීගිරිය පොලිස් වසමේ අවුඩංගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ කැළණිය, දළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙක්.

සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම දරුවා දෙමව්පියන් සමඟ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවයි.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Shares: