දේශීය

ගිනිඅවියක් සමග 02ක් වත්තලදී අත්අඩංගුවට

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (08) උදෑසන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේ දී එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් අණ නොතකා ධාවනයකළ මෝටර් රථයක් පසුපස හඹා ගොස් එම රථය නවතා පරීක්ෂා කර තිබෙනවා.

එහිදී එම රථයේ රියදුරු අසුන යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක්, පතරොම් ගැබක් තිබී හමුවී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එහිදී මෝටර් රථය හා එහි රියදුරු ලෙස සිටි පුද්ගලයා ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම අවිය තවත් පුද්ගලයෙකුට ලබාදිමට රැගෙන යන බවට අනාවරණය වීම මත එම පුද්ගලයා ද වත්තල පොලිස් වසමේ මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් වයස අවුරුදු 33ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Shares: