පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රිය අනතුරුවල වැඩිවීමක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ නොසැලකිලිමත් රිය ධාවනය , අධික වේගය , මාර්ගවල පවතින දුර්වලතා මෙම තත්ත්වයට හේතුව බවයි.
රිය අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයින් 6000ත් 8000ත් අතර සංඛ්‍යාවක් ආබාධිත වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර ඊයේ (12) පස්වරුවේ මාතර, තිස්ස ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල මංසන්දියේදී සිදුවූ අනතුරින් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ එම අනතුරින් තුවාල ලැබු සංඛ්‍යාව 43ක්.
එමෙන්ම පසුගිය 10 වැනිදා තලාව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර මාර්ගයට නොගැලපෙන වේගයකින් ගමන් කිරීම හේතුවෙන් සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එම අනතුරින් 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගිය අතර තුවාල ලැබු සංඛ්‍යාව 46 ක්.










