කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයියනප් පිල්ලෙ මුබාරක් නැමැත්තා නොවැම්බර් 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (13) නියෝග කර තිබෙනවා.
ඒ ඔහු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්.
එහෙත් සැකකාර සභාපතිවරයාගේ රියදුරු වූ මොහොමුදු මුස්තාපා නමැත්තා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
එසේම ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවූවා.
යුද්ධය පැවති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට නියමිත අයෙකුගේ ඉඩමකට බලපත්‍රයක් සකස් කර දීම සඳහා රුපියල් ලක්ෂ 05ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිටයි සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත මෙම පැමිණිල්ල කර තිබුණේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින්.
සැකකාර ප්‍රාදේශීය සභාපතිවරයා පැමිණිලිකාරියගේ ඉඩමක පර්චස් 20ක් සඳහා බලපත්‍රයක් ලබාදීමට රුපියල් එක්ලක්ෂ හැට දහසක මුදලක් මුලින් ලබාගෙන ඒ සඳහා බලපත්‍රය ලබාදී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයයට දැන්වුවා.










