දේශීය

“රටම එකට” මෙහෙයුමෙන් පුද්ගලයන් රැසක් නීතියේ රැහැනට

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් රැසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

ඒ අනුව පසුගිය මස 30 වැනිදා සිට ඊයේ (13) දිනය දක්වා වැටලීම් 16,915ක් පොලීසිය විසින් සිදුකර ඇති අතර එම මෙහෙයුම් මගින් පුද්ගලයින් 16,738ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකු සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති අතර රැඳවුම් නියෝගද ලබා ගෙන ඇති සැකකරුවන් ගණන 396ක්.

මෙහිදී හෙරොයින් කිලෝ 110 ග්‍රෑම් 556ක්ද, අයිස් කිලෝ 600 ග්‍රෑම් 947, කොකේන් ග්‍රෑම් 10, ගංජා කිලෝ 458 ග්‍රෑම් 216ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම ගංජා පැල 1,015,632ක්ද, කුෂ් කිලෝ 4 ග්‍රෑම් 847ක්, හෂීන් කිලෝ 25 ග්‍රෑම් 483ක්, මත්පෙති 41,874, මදනමෝදක කිලෝ 13 ග්‍රෑම් 17, මාවා කිලෝ 36 ග්‍රෑම් 176ක් ලෙසයි මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත්තේ.

එසේම මෙම වැටලීම් මගින් පුනරුත්තාපනයට යොමු කිරීමට පොලීසිය විසින් පියවර ගෙන ඇති පුද්ගලයින් ගණන 313ක්.

Shares: