නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා කෙරෙන විශේෂ පුහුණු වැඩසටහනට එක්වෙමින්.
එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය වූ සැලසුම් සහ ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටන බවත්, මෙම ගිලන් රථ සේවාවට ලොව පවත්නා නවීනතම තාක්ෂණය එක් කරමින් නව්‍යකරණයට ලක් කිරීමටද කටයුතු කරන බවයි.
තවද ඉන්දියානු රජය සමග සාකච්ඡා කර තවත් ගිලන්රථ 100ක් ලබා ගැනීමට කටයුතු කරන බවත්, ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන් රථ 20ක් ණය ආධාර යටතේත් තවත් ගිලන් රථ 25ක් ලෙස ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.










