උණුසුම් පුවත්

දකුණ පළාත් ආණ්ඩුකාර අභාවප්‍රාප්ත වෙයි

දකුණ පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (16) අලුයමයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු 62ක්.

ගාල්ල මාතර හම්බන්තොට හා වවුනියාව දිසාපති වශයෙන්ද, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සහ රජයේ විවිධ තනතුරු රැසක් දරා ඇති ඔහු
දින කීපයකට ඉහතදී බස්නාහිර ආණ්ඩුකාර තනතුරේ වැඩ බැලීමේද නිරත වූවා.

දෙදරු පියෙක් වන එතුමාගේ දේහය අද ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර හෙට ගාල්ල ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිතයි.

ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති හා ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක්.

Shares: