දිවයින පුරා සියලූ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (17) උදෑසන පැවති සාකච්ඡාවෙන් අනතුරුව එහි ලේකම්, වෛද්‍ය ප්‍රසාද් සුගතදාස විසින් මේ බව කියා සිටියා.
ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අතර අද උදෑසන පැවති විශේෂඥ සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ට ලැබිය වරප්‍රසාදයන් හා දීමනාවන් ලබාදීම සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාරය සහ අදාළ පර්ශ්ව සමඟ එක්ව සාකච්ඡා කර මෙම ප්‍රශ්න විසදිය යුත්තේ කුමන කාලරාමුවකට යටත්වද යන්න සොයා බලා ඉක්මනින් විසදුමක් ලබාදීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා එකඟ වු වේ යැයි ද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවා.










