2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මස දක්වා වූ කාළය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය පිළිබඳ පැමිණිලි 2,183ක් වාර්තා වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික කාන්තා කමිටුවේ 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවය හරහා මෙම පැමිණිලි ලැබී තිබෙනවා.
ඒ අතුරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලෙස වාර්තා වනුයේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය ගණයේ වන අතර ඒ පැමිණිලි සංඛ්‍යාව 1,488 ක් ලෙසින්.
මීට අමතරව සයිබර් අපරාධ ගණයේ පැමිණිලි 234 ක් වාර්තා වී ඇති අතර දූෂණය පිළිබඳව පැමිණිලි ද 7ක් පමණ වාර්තා වී තිබෙනවා.











