දේශීය

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය වන අද (17)  විවාදයට ගැණුනු අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එලෙස සම්මත් වුයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂයයි.

විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසින් ඉල්ලා සිටි අතර එහිදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 80කින් සම්මත වුණා.

එම වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්ද 87ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද හිමිවුණේ 7ක් පමණයි.

මේ අතර අද විවාදයට ගැනුණු  අධිකරණ  සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශය වැය ශීර්ෂය ද වැඩි ඡන්ද  80කින්  සම්මත වුණා.

Shares: