දේශීය

මත්ද්‍රව්‍ය කිලෝ 100ක් බේරුවල මුහුදේ පාවෙයි

බෙන්තොට වෙරළේ සිට මුහුදු සැතපුම් දෙකහමාරක් පමණ වූ මුහුද දෙසින් පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැකකරන මලු දෙකක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරකට අනුවයි.

ඒවා කිලෝග්‍රෑම් 100ක් පමණ බරින් යුක්ත බව සඳහන්.

එම මත්ද්‍රව්‍ය තොගය මීට සුළු මොහොතකට පෙර බේරුවල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

Shares: