ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති බවත් ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.
ඒ අනුව, අදාළ ගැසට් නිවේදනය මගින් ඖෂධ වර්ග 350ක පාලන මිල නියම කරන බවත් එම ගැසට් නිවේදනයට අනුගත නොවන අයට නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
තවද, මෙම නිවේදනය මගින් දැනට ලියාපදිංචි වී ඇති සහ ඉදිරියේදී ලියාපදිංචිය සිදු වන්නාවූ ඖෂධ සඳහාද මෙම නිවේදනය අදාළ බව ද අමාත්‍යවරයා වැඩිදුර සඳහන් කළා.










