ක්‍රීඩා

වනිඳු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත්ව සංචිතයට

පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, ඔහු කටාර් සිට සෘජුවම පාකිස්තානය වෙත පැමිණෙනු ඇති බවයි.

විජයකාන්ත් වියස්කාන්ත් මේ වනවිට ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තරග කරන ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ සාමාජිකයෙක්.

පාකිස්තාන – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් වියස්කාන්ත් මෙලෙස සංචිතයට ඇතුළත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය නොවැම්බර් 20 වනදා සිම්බාබ්වේට එරෙහිව රාවල්පින්ඩි හිදී පැවැත්වීමට නියමිතයි.

Shares: