සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට එරෙහි වූ චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය තීරණය කර තිබෙනවා.
පක්ෂ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව ලිපියක් අදාළ මන්ත්‍රීවරයා වෙත නිකුත් කරමිනුයි මේ බව දැනුම් දී ඇත්තේ.
ඒ අනුව අද (18) පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් සහ / හෝ පක්ෂයේ අවසරය නොමැතිව සභාව තුළ රැඳී සිටිමින් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සර්වජන බලයේ චන්දන ප්‍රේමනාත් මහතා සහාය දක්වා ඇති බවට අනාවරණය වී ඇතැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.
අදාළ ලිපිය මඟින් ඒ මහතාට දැනුම්දී ඇත්තේ පක්ෂය විසින් දැනුම්දී තිබූ තීරණයට පටහැනිව කටයුතු කිරීම සහ පක්ෂයේ අවසරය නොමැතිව කටයුතු කිරීම බරපතළ විනය විරෝධී ක්‍රියාවක් වන අතර, මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන තුරු චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවන බවයි.










