උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගත් භූ කම්පන තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් ජනතාවට අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් දැනුම් දෙන්නේ.

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව තිබුණා.

ඒ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට පමණයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, භූමිකම්පාව සිදුව ඇත්තේ සිමියුලු දූපතේ කිලෝමීටර් 25 ක් ගැඹුරින්.

විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ මෙම භූ කම්පනයෙන් හානි හෝ සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බවයි.

එමෙන්ම භූමිකම්පාවෙන් පසු සුනාමි අවදානමක් නොමැති බවද ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

Shares: