උණුසුම් පුවත්

මගේ උපාධිය ගැන කියන බොරුවලට 21 පිළිතුරු දෙනවා – නාමල්

තම උපාධිය සම්බන්ධයෙන් මේ දිනවල පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත්, ඊට තමා මේ මස 21 වෙනිදා නුගේගොඩ දී නියම පිළිතුර ආණ්ඩුවට ලබා දෙන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවක් මගින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වයක් තුළ සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැළියේදී රටටම දැකගත හැකිවනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ,

” මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා.

ඊට පස්සේ මාස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා.

අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා.

දැන් නුගේගොඩ රැළියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහසවලට 21 වෙනිදා උත්තර ලැබේවි ”

යනුවෙනුයි.

Shares: