අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිදුව ඇති මරණ ගණන 09 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පවතින අයහපත් කාළගුණයත් සමග නාය යෑම් සහ ජල ගැලීම් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මාර්ග තව දුරටත් අවහිර වී තිබෙනවා.
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ නාය යෑමට ලක් වූ කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව – ගනේතැන්න ප්‍රදේශයේ ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වින විට ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම මාතලේ – වටගොඩ මාර්ගයේ ගල්වල අසල ප්‍රදේශයට ගල් පෙරලීමෙන් එම මාර්ගයද අවහිර වී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
බස්නාහිර සහ දකුණු පළාත් ල ඇතැම් මාර්ග සහ අතුරු මාර්ග තව දුරටත් අවහිර වී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යයක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.










