ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ගේ විවාහ උත්සවය අද (23) ඉන්දියාවේදී පැවැත්වෙනවා.
ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපතූර් නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක සහ හින්දු කෝවිලකදීයී.
මන්ත්‍රීවරයා විවාහ ගිවිස ගන්නේ ඉන්දියානු වෛද්‍යවරියක වන සීතායි ශ්‍රී නාච්චියාර් සමගයි.
ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු නියෝජ්‍ය කථානායක වී.පී. දුරෙයිසාමි ගේ දියණියක්.
මෙම විවාහ උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු මෙරට සීමිත දේශපාලනඥයින් පිරිසකට ආරාධනා කර තිබෙනවා.
ජීවන් තොණ්ඩමන්, වතුකරයේ නායකයෙකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මුණුපුරා වන අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයෙකු ලෙස කටයුතු කළ දිවංගත ආරුමුගන් තොණ්ඩමන්ගේ එකම පුත්‍රයායි.











