අද(23) මධ්‍යම රාත්‍රියේ සිට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් චන්දන වියන්දූව පවසනවා.
රාත්‍රි කාලයේ දුම්රිය ධාවනයේදී වන අලි දුම්රියේ ගැටීම් බහුල ලෙස වාර්තාවන නිසාවෙන් මෙසේ තීරණයක් ගත් බවද සඳහන්.
කෙසේ වෙතත්, වන අලි දුම්රියේ ගැටීමට විසදුම් නොලැබීම හේතුවෙන් මෙලෙස ධාවනයෙන් ඉවත් වන බවයි, කොළඹදී අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හෙතෙම කියා සිටියේ.











