නාය යෑමට ලක් වූ කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව – ගනේතැන්න ප්‍රදේශය තවදුරටත් අවදානම් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
එහි නිරීක්ෂකයින් පිරිසක් එම ස්ථානයට ගොස් ඇති බවත්, සිය නිරීක්ෂණයන් ආරම්භ කර ඇති බවත් කඩා වැටුණු විශාල ප්‍රමාණයේ ගල සහ පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.











