පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිත මහඔය ප්‍රදේශයට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ ගිරිඋල්ල, පොල්ගහවෙල, බඩල්ගම ආදී ස්ථාන වෙත මි.මී. 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
අනෙකුත් දිස්ත්‍රික්ක සහ ගංගා ද්‍රෝණි ආශ්‍රිතව නිල්වලා ගඟේ පහළ ද්‍රෝණිය ආශ්‍රිතව මිලිමීටර් 50ක්ද, ගිං ගඟ, කළු ගඟ, කැළනි, අත්තනගලු ඔය, යාංඔය, දැදුරු ඔය සහ මල්වතු ඔය ඇතුළු ජලාශ ආශ්‍රිතවද මිලිමීටර් 50-75ත් අතර සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ඒ අනුව, බොහෝ ජලාශ ආශ්‍රිතව ජල මට්ටම් ඉහළ අගයක පවතින බවත් ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර සඳහන් කළා.
මේ වන විට නිල්වලං, ගිං, සහ කළු ගඟ ආශ්‍රිත කුඩා ගඟ, අත්තනගලු ඔය, මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්ත්වයන් සම්බන්ධව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවත් මෙම ජලාශ ආශ්‍රිතව ඉදිරි දින කිහිපයේද වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඒ මහතා සඳහන් කළා.
පසුගිය සති කිහිපය පුරාවටම තෙත් කලාපය ආශ්‍රිත ගංගා ද්‍රෝණි කිහිපයකම ජල මට්ටම් ඉහළ මට්මක පවතින බවත් මේ හේතුවෙන් පහත් බිම් කිහිපයක්ම ජලයෙන් යටවී ඇති බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ දැනට ඇද හැළෙන සාමාන්‍ය වර්ෂාපතනයකදී පවා එම ස්ථාන ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 73න් ජලාශ 9ක් මේ වන විටත් වාන් දමමින් පවතින බවත් ඒ අතර දැදුරු ඔය, රාජාංගනය, තබ්බෝව, වැනි ජලාශ සැලකිය යුතු ජල ප්‍රමාණයක් නිදහස් කරමින් පවතින බවත් පෙන්වා දුන් ඒ මහතා සඳහන් කළේ මීට අමතරව කුඩා ජලාශ රැසක්ද වාන් දමමින් පවතින බවයි.











