ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ (24) දිනයේයි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ.
එහිදී බිමල් රත්නායක මහතා සඳහන් කළේ එම කැබිනට් පත්‍රිකාවට ඊයේ දිනය තුළම අනුමැතිය හිමිවූ බවයි.
කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාව ඉතාලියේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතවයි ඇත්තේ.
ඉන් අනතුරුව ඉතාලියේ රියදුරු බලපත්‍ර පිළිබඳ වගකියන ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත අතර එම කටයුතු මාස 2ක් තුළ සිදුකිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.
බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකළ ඉල්ලීම් සලකා බලා මෙම කැබිනට් පත්‍රිකාව සකස් කළ බවයි.











